Rs 850.00 - Rs 0.00
In stock
In stock
වසර පහක සාමකාමී යුගයකට පසු, හීලියම් නුවර අහස යළිත් වරක් අඳුරු – දම් පැහැති මරණයේ කුණාටුවකින් වැසී යයි. කිසිවෙකුත් විශ්වාස නො කළ අඳුරු පුරාවෘත්තයක් යළි අවදි වී ඇත. ඒ, අභිචාර බලයෙන් මළවුන්ට පණ දෙන සාහසික අධිරාජයා වන ‘කාලියස්’ ය. ඔහු ගේ අශුද්ධ මායාවෙන් යළි පිබිදෙන බාර්සුම් හි පුරාණ වීරයන් ගේ මළගිය සේනාව, මුළු ග්‍රහලෝකය ම ආක්‍රමණය කිරීමට සැරසෙති.
ජීවයේ හුස්ම පොද ශුන්‍ය වෙමින් පවතින මොහොතක, ජෝන් කාටර් ගේ හදවත බඳු වූ අසමසම කුමරිය ඩේජා තෝරිස් ද සතුරා ගේ කෘෘර ග්‍රහණයට නතු වේ. පෘථිවියේ සිට ආ මහා යුද අධිපතියාට මේ අදෘශ්‍යමාන, මරණ බිය නො හඳුනන අඳුරු බලවේගය පරාජය කළ හැකි වේවි ද?
978-624-6089-40-5
WhatsApp us