Malithi Publishing Company - +94 914 546 233 | +94 76 477 4527 - Palutagahawaththa, Goviyapana, Ahangama 80650 - [email protected]
- හැමෝටම පොතක් - හැමෝගෙම පොතක් -

මලිති පබ්ලිෂින් කම්පැනි අප ලංකාවේ පොත් ප්‍රකාශන ආයතනයක් ලෙස මෙන්ම පොත් මුද්‍රණ ආයතනක් ලෙසද සේවා සපයමින් සිටින්නෙමු. අප ආයතනය හරහා ඔබගේ පොතක් කතුවරයෙක් ලෙස ප්‍රකාශකට පත් කරගැනීම හෝ ඔබ ප්‍රකාශන ආයතනයක් හෝ කතෘ ප්‍රකාශන ආයතනයක් නම් ඔබගේ පොත අප හරහා මුද්‍රණය කරගත හැකිවේ. පොත් මුද්‍රණ ආයතනයක් ලෙස අප වැදගත් වෙනුයේ ඔබට විශාල පොත් ප්‍රමාණයක් එකවර මුද්‍රණය කරගැනීම වෙනුවට කුඩා මුදලකට අපගෙන් අවමය පොත් 50 සිට මුද්‍රණය කරගත හැකිවීමයි.

පොත් ප්‍රකාශන ආයතනයක් ලෙස
කොනේද්සි
  • පොත ප්‍රකාශයට පත් කරන දිනය අප ආයතනය මගින් තීරණය වේ
  • මලිති ප්‍රකාශන අනිවාර්යෙන් චිත්‍ර කවරයෙන් නිර්මාණය වීම අපගේ තීරණයක් බැවින් ඊට කතෘ එකඟ විය යුතුය
  • අප එකවර විශාල පොත් ප්‍රමාණයක් මුද්‍රණය කරන්නේ නැත. බොහෝ විට පළමු මුද්‍රණ වාරය පොත් 100-200 දක්වා වීමට ඉඩ ඇත.
  • පොත් සඳහා කතෘ බාගය ගෙවීම ගිවිසුම් අවස්ථාවේදීම එකඟතාවට පැමිණෙනු ලැබේ. ගෙවීම් සහ සියලුම කටයුතු එම ගිවිසුම් අනුව සිදුවේ
  • පොත් ප්‍රචාරණය සහ විකිණුම් ස්ථාන පිලිබඳ සම්පුර්ණ තීරණ අයිතිය අප ආයතනය සතුවේ. බොහෝ විට මරදාන ප්‍රධාන පොත් හල් වෙත අප අපගේ පොත් විකිනීමට යොමු නොකෙරේ
වැදගත් කරුණු
  • පොත මුද්‍රණයට අදාළ සියලුම වියදම් අප ආයතනය දරනු ලැබේ. ඒ වෙනුවෙන් කතුවරයා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවේ.
පොත් මුද්‍රණ ආයතනයක් ලෙස
කොනේද්සි
  • පොත් මුද්‍රණයට බාර දී පොත ලබාගැනීමට සති දෙකේ සිට හතරක කාලයක් ගත විය හැක. පොත මුද්‍රණයට මුදල් තැම්පත් කිරීමේදී අදාල දිනය දැනුම් දීම සිදුවේ
  • පොතට මුදල් තැම්පත් කරන දිනේ සිට සතියක් තුල පොතට අදාළ කවරය සහ පොතේ පරිඝනක ෆයිලය (PDF) අප වෙත ලබාදිය යුතුය.
  • පොත මුද්‍රණය යෙන් පසු ප්‍රවාහන වියදම් ප්‍රකාශක දැරිය යුතුය
වැදගත් කරුණු
  • අපගේ මුද්‍රණය ක්‍රමය ඩිජිටල් ඔෆ්සෙට් ක්‍රමයයි (ඩුප්ලෝ නොවේ)
  • එකවර පොත් 500-1000 මුද්‍රණය අවශ්‍ය නොවේ. එම නිසා කුඩා ප්‍රමාණයේ ප්‍රකාශන ආයතන හෝ කතෘ ප්‍රකාශන ලෙස තම පොත මුද්‍රණය කරවා ගැනීමේදී එකවර විශාල මුදලක් වැය කල යුතු නැත
පොත් විකිණුම් ආයතනයක් ලෙස
කොනේද්සි
  • ඔබ ලබාදෙන පොත් සඳහා ගෙවීම් ඔබට අවශ්‍ය ක්‍රමයක් ඔස්සේ ලබාගැනීමට  හැකියාව ඇත
  • ඔබගේ පොත විකිණීම සඳහා බාරගැනීමේ තීරණය අප සතුවේ.  එලෙස ප්‍රතික්ෂේප කිරීමට ඔබගේ පොතෙහි අන්තර්ගතය හේතු විය හැක. සෑම පොතක්ම හොඳයි යන්න අප පිළිගන්නා අතර යම් තේමාවන් ආයතනික තීරණ මත පමණක්ම ප්‍රත්ක්ෂේප කරනු ඇත
වැදගත් කරුණු
  • අන්තර්ජාල වෙබ් අඩවියක් හෝ ඔන්ලයින් ගෙවීම් සේවාවක් නොමැති ඕනෑම කතෘ ප්‍රකාශන හෝ ප්‍රකාශන ආයතනයකට තම පොත්  තම ගනුදෙනු කරුවන් වෙත සමීප කිරීමට අප වෙබ් අඩවිය බාවිතා කල හැක.